දියවැඩියා ඇස් රෝග

- දියවැඩියා රෙටිනොපති (diabetic retinopathy)

දියවැඩියා රෙටිනොපති යනු දියවැඩියාවෙහි සංකූලතාවයක් වන අතර, අධි රුධිර සීනි මට්ටම මගින් ඇසෙහි පිටුපස කොටසට(දෘෂ්ටි විතානයට) හානි සිදු කරයි. හදුනා නොගෙන සහ එයට ප්‍රතිකාර නොකර සිටියහොත් එමගින් අන්ධභාවය ඇති කල හැකියි. කෙසේවුවද දියවැඩියා රෙටිනොපති වලට ඔබේ ඇසේ පෙනීමට තර්ජනයක් වන මට්ටමට පැමිනීමට සාමාන්‍යයෙන් වසර කිහිපයක් ගත වේ. මෙය ඇතිවීමේ අවධානම අඩු කරගැනීම සදහා, දියවැඩියාව සහිත පුද්ගලයින් කල යුතු ඒවා නම්:

  • ඔවුන්ගේ රුධිර සීනි මට්ටම, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට වගබලා ගත යුතුයි

දියවැඩියාව ඇස් වලට බලපාන්නේ කෙසේද

ඇසෙහි පිටුපස ඇති ආලෝක සංවේදී සෛල ස්ථරය එනම් දෘෂ්ටි විතානය ආලෝකය විද්‍යත් සංඥා බවට පරිවර්තනය කිරීම සිදුකරයි. මෙම සංඥා මොලයට යැවෙන අතර ඒවා ඔබට පෙනෙනෙ රූප බවට හැරවීම සිදුවේ. දෘෂ්ටි විතානයට නියත රුධිර සැපයුමක් අවශ්‍ය වන අතර, එය කුඩා රුධිර නාලිකා වලින් සැදි ජාලයක් මගින් ලබා ගැනීම සිදු කරයි. කාලයත් සමග දිගුකල් පවතින අධි රුධිර සීනි මට්ටම මෙම රුධිර නාල වලට ප්‍රධාන අදියර 3කට හානි සිදුකල හැක:

  • පසුබිම් රෙටිනොපති (background retinopathy) - රුධිර නාලිකා වල කුඩා නෙරීම් වර්ධනය වන අතර, මේවායින් මද ලෙස රුධිරය වහනය විය හැකි මුත් සාමාන්‍යයෙන් එයින් ඔබේ පෙනීමට බලපෑමක් වන්නේ නැත
  • පෙර ප්‍රගුණන රෙටිනොපති (pre-proliferative retinopathy) - වඩාත් බරපතළ හා පුළුල් වෙනස්කම් රුධිර නාලිකා වලට බලපාන අතර, සැලකිය යුතු තරම් ඇස තුලට රුධිර වහනයක් සිදු වේ
  • ප්‍රගුණන රෙටිනොපති - දුර්වල සහ පහසුවෙන් රුධිරය වහනය විය හැකි, කැලැල් පටක සහ නව රුධිර වාහිනී දෘෂ්ටි විතානය මත වර්ධනය වීම නිසා යම් තරමක පෙනීම අඩාල වීමක් සිදුවිය හැක

කෙසේවුවද, ඔබගේ ඇස් වල ඇති ප්‍රශ්නයක් මුල් කාලයේදීම සොයා ගතහොත්, ජීවන රටාවේ වෙනස්කම් සහ/හෝ ප්‍රතිකාර සමග එය තවදුරටත් නරක අතර හැරීම වැලැක්විය හැකියි.

දියවැඩියා රෙටිනොපති සෑදීම සදහා මට අවධානමක් ඇති ද?

වර්ගය 1 දියවැඩියා හෝ වර්ගය 2 දියවැඩියාව ඇති ඕනෑම අයෙකු දියවැඩියා රෙටිනොපති වර්ධනය වීමේ අවධානමකින් පෙලෙයි. ඔබ වඩාත් වැඩි අවධානමක සිටියි, ඔබ:

  • දීර්ඝ කාලයක් දියවැඩියාවෙන් පෙළුනේ නම්
  • වර්තමානයේ අධි රුධිර සීනි මට්ටමක් (රුධිර ග්ලූකෝස්) පවතී නම්
  • අධි රුධිර පීඩනයෙන් පෙලෙනවා නම්
  • අධික කොලෙස්ටරෝල් වලින් පෙලෙනවා නම්
  • ගර්භණී නම්
  • ආසියාතික හෝ අප්‍රිකානු-කැරිබියන් සම්භවයක් ඇතිනම්

ඔබගේ රුධිර සීනි, රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කිරීම මගින්, ඔබට දියවැඩියා රෙටිනොපති වර්ධනය වීමේ අවධානම අඩුකර ගත හැකියි.

දියවැඩියා රෙටිනොපතිහි රෝග ලක්ෂණ

ඔබ සාමාන්‍යයෙන් මුල් කාලයේදී දියවැඩියා රෙටිනොපති හදුනා නොගැනීමට හේතුව නම්, එය වඩාත් වර්ධිත තත්ත්වයට පත් වන තෙක් පැහැදිලි රෝග ලක්ෂණ නොපෙන්වීමයි. ඔබ පහත ඒවා අත්දකින්නේ නම් වහාම ඔබගේ වෛද්‍යතුමා හෝ දියවැඩියා පාලන කණ්ඩායම සම්බන්ධ කරගන්න:

  • පෙනීම ක්‍රමයෙන් නරක අතට පත්වීම
  • එක්වරම පෙනීම අහිමිවීම
  • ඔබට පෙනෙන සීමාවේ විවිධ හැඩතල පාවෙනවා සේ පෙනීම
  • බොද වූ හෝ පැල්ලම් සහිත දැක්ම
  • ඇස් වල වේදනාව හෝ රතුවීම

මෙම රෝග ලක්ෂණ ඔබට දියවැඩියා රෙටිනොපති ඇතැයි නියත වශයෙන්ම අදහස් කරන්නේ නැති අතර, නමුත් ඒවා පරීක්ෂා කිරීම වැදගත් වේ.

ඔබේ දියවැඩියා රෙටිනොපති අවධානම අඩුකර ගැනීම

ඔබට දියවැඩියා රෙටිනොපති වර්ධනය වීමේ අවධානම අඩුකිරීමට සහ එය නරක අතට වර්ධනය වීමේ වැලැක්වීමට පහත ඒවා උදව් වේ:

  • ඔබගේ රුධිර සීනි, රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කිරීම මගින්
  • නියම කරන ලද ලෙස ඔබගේ දියවැඩියා ඖෂධ ලබා ගැනීමෙන්
  • ඔබගේ තත්ත්වය පරීක්ෂා කරනු ලබන සියලු ඒවා සදහා සහභාගී වීම
  • ඔබේ පෙනීමෙහි වෙනසක් නිරීක්ෂණය කලහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න
  • සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම, සෞඛ්‍ය සම්පන්න, සමබල ආහාර රටාව,නිතිපතා ව්‍යායාම කිරීම සහ දුම්පානය නතර කිරීම

දියවැඩියා රෙටිනොපති සදහා ප්‍රතිකාර

තත්ත්වය පරීක්ෂා කිරීමේදී සැලකියයුතු ගැටලු එනම් ඔබගේ පෙනීම අවධානමක ඇති බව හදුනා ගත්තේ නම් පමණක් දියවැඩියා රෙටිනොපති සදහා ප්‍රතිකාර අවශ්‍ය වේ. තත්ත්වය මෙම මට්ටම තෙක් ලගා වී නැත්නම්, ඔබගේ දියවැඩියාව පාලනය කිරීමට ඉහත උපදෙස් මත නිර්දේශ කරනු ලබේ. වඩාත් වර්ධනය වූ දියවැඩියා රෙටිනොපති සදහා ප්‍රධාන ප්‍රතිකාර නම්:

  • විකිරණ(laser) ප්‍රතිකාර
  • ඔබගේ දෑස් තුලට ඖෂධ එන්නත් කිරීම
  • රුධිරය හෝ කැලැල් පටක ඇස් වලින් ඉවත් කිරීමට ශල්‍යකර්මයක් කිරීම